[මා තුළ ය ඔබෙ හද (රැගෙන යමි] – ඊ. ඊ. කමිංස්
- Kavya Thathsara
- Jan 23, 2024
- 1 min read
මා තුළ ය ඔබෙ හද (රැගෙන යමි
එය ම’හද තුළ මම) එය අසළම යි මම (කොහෙ
ගියත් මම, මා එක්කමයි මගෙ සොඳුර; කුමක් කළත් මම
ඔබත් කරනවා ම යි එය, මගෙ සොඳුර)
නැත බයක් මගෙ
ඉරණමට (ඔබය මගෙ ඉරණම, මා ප්‍රියාදරියේ) ලෝකයක්
අවැසි නැත මට (සුන්දර ඔබ ය මගෙ මුළු ලොව ම, මගෙ එක ම ලොව)
කුමක් කියැවුණ ද සඳ මඟින්, එය කියැවෙන්නෙ ඔබ සඳහා ම ය
දිනිඳු සැමදා ගයන ගීයෙන් ගැයෙන්නෙත් ඔබ ගැන ම පමණ ය.
මෙය ය රහස, කිසිවෙකුත් නොදන්න
(මෙය ය ආකාස ගව්වේ සීමා ඉක්මවා යන
ජීවිතය නම් රුකට අයිති මුලෙත් මුල, අංකුරයෙත් අංකුරය; ආත්මයක්
පතන බලාපොරොත්තුවේ තරම, මනැසේ සීමා ඉක්මවා යන්නට වෙන)
මෙය යි තරු ඈත් කරවන මහා පුදුමය
මා තුළ ය ඔබෙ හද (රැගෙන යමි එය ම’හද තුළ මම)
සිංහල පරිවර්තනය: කාව්‍ය තත්සර


Comments