Literary Portmanteau
ඉර එළිය ඇති තැනක්
මගේ දිවි ගමනේ මා ගෙවා දැමූ විසි හතරවැනි අවුරුද්දේ සරත් සමයේ දී මුහුදු වෙරළ අසළ පිහිටි නැවතුම් පොළක දී මට එක්තරා කෙල්ලක හමුවිය. ඒ ප්‍රේමයක ආරම්භය විය. ගැහැනු ළමයා එක්වර ම ඇගේ හිස ඔසොවා, ඇය ඇඳ සිටි කිමෝනෝවේ අතකින් ඇගේ මුහුණ වසාගත්තා ය. එය දුටු පසු, මට සිතුණේ මා මගේ නරක පුරුද්ද නැවතත් පෙන්වා ඇතැයි කියා ය. මම ලජ්ජාවට පත් වූ අතර, වේදනාබර ඉඟියක් පෑමි . . .
Featured
Literary Portmanteau is a portal that allows Sinhalese speaking bookworms to experience world literature.
Thanks for subscribing!