top of page

ආගන්තුකයා - සයිමන් ආමිටේජ්

  • Jan 23, 2024
  • 1 min read

මහන්සියි මට,

ලෙඩින් වගෙයි මම; ඒත් බෙරිහන් දුන්නා මගෙ ආන්ස්වර්ෆෝන් එක:

"තව එක ලෙඩ නිවාඩුවක් හරි දැම්මොත්, ඔහේගෙ රස්සාව සුන් මහත්තයො" කිය කිය.

පාරෙ ගිය වාහනයකට අත දමා, ගියා මම කාර් එක නවත්තා තිබූ තැනට.

වොක්ස්හෝල් ඇස්ට්‍රා එකක් විය එය. කුලියට ගත්තෙමි එය මම.


ලීඩ්ස්වලින් නග්ගගත්තා ඔහුව මම වාහනයට.

ගමන් ගත්තේ ඔහු බැස යන ඉර දෙසට,

හැම රෑක ම බිම නිදාගෙන, දත් බුරුසුවක් පමණක් අත ඇතුව.

ඇත්ත තියෙන්නෙ හුළඟෙ, ඔහු කිව්වා.

එහෙම නැත්තන් ඊළඟ වංගුව හරියෙ.

 

මං ඌට තඩි බෑවා

හැරොගේට් පාරෙ දි - එක පාරක්

ඔළුවෙන්, හය පාරක් ම ගැහුවා උගෙ මූණට කෲක්ලොක්* එකෙන්.

පොඩි වෙනසක්වත් වුණේ නැහැ කාර් එක ගිය පාරෙ ඒ අතරවාරෙ.

මම දැම්මා, තුන්වෙනි ගියර් එකට.


බර දැම්මා ඔහුගෙ පැත්තට මම,

කාර් රියෙන් ඔහු එළියට දමන්නට. දැක්කා මම කණ්ණාඩියෙන්,

ගැටි බැම්මකට වැදුණු ඔහු, මාවතේ අයිනට පෙරළි පෙරළී ගොස් අතුරුදන් වූ අයුරු.

අපි එක ම වයසෙ වගේ. වැඩි ම සතියක වගේ වෙනසක් ඇති.

තමන් සුළඟට කැමතියි කියලත් කිව්ව ඔහු.


කැමතියි ලු ඔහු,

හුළඟ ඔහුගෙ කොණ්ඩගස් අස්සෙන් යනවට. දැන් දවල් දොළහයි.

කාළගුණෙත් ඇති වැරැද්දක් නැති තරම්.

මම, එවේලේ "අනේ මේ,

මෙතන ඉඳන් උඹ ඇවිදපන්," කියලා හිතුවා මට මතකයි.


* කෲක්ලොක් යනු සුක්කානම අගුලු දැමීම පිණිස භාවිත කරන අගුලු නිපදවන සමාගමක් වන අතර, කෲක්ලොක් යන්නෙන් කථිකයා සතු ව ඇත්තේ එම වර්ගයේ අගුළක් කියා අඟවන්නට කවියා උත්සහ කර ඇත.


සිංහල පරිවර්තනය : කාව්‍ය තත්සර



Comments


bottom of page