top of page

එකසිය තිස්වැනි දහහතර පද සැහැල්ල - විලියම් ශේක්ෂ්පියර්

නැත නැත මදකුදු සම ඉරට ළබැඳිගෙ දෙඇස

නැත නැත සම ඇගෙ දෙඅදර හිරිගල් රතට

දුඹුරු ය ඇගෙ දෙතන සම කළ කල හිමට

කෙස්ගස් නොව කෙඳි ය ඇත්තේ ඇගෙ හිසට

සුවිසල් රෝස රතෙන් සුදෙන් දැක ඇත්තේ

ඇගෙ දෙකොපුළට ඒ සායම් නැත ඇත්තේ

සමහර සුවඳ පැන්වල සුවඳක් ඇත්තේ

ළබැඳි ගෙ මුවට එම සුගඳ ද නැත ඇත්තේ


දොඩමලු කලට ළබැඳිය වෙමි මම ආශා

එනමුදු සංගීත හඬට ය වැඩිමන ආශා

සත්තයි දෙවඟනකගෙ සැරුම දැක නැත මා

එනමුදු ළබැඳිගෙ සැරුම වෙයි පොළොවට සීමා

මා ඇය කෙරෙහි දක්වන ආලෙ දෙයියම්පල්ලා

දුලභ ම නොවෙද ගැහැනුන් මෙන් වැනුමෙහි ඉන්නා


පරිවර්තනය : කාව්‍ය තත්සර


ree

Comments


bottom of page