top of page

රීරි යකිනිය - චාල්ස් බෝද්ලෙයර්

Updated: Jan 22

තොප — කිණිසි ඇනුමක් සේ හිටිවන ව

කිඳී ගන්නා ම’හදවත වෙතට

තොප — යක් රැළක් සේ සවිමත් ව

කඩා වැදෙනා මගේ දිවියට


තොප ය — මගෙ පණ තොපේ පණ ලෙස ගෙන

ගොඩ වදින්නිය මගේ පස් ඉන්ද්‍රියන් තුළට

තොප ය — වෙසඟන, මා ඇද බැඳ ගැටගසා හිඳින

යදමකින් බැඳීගත් සිරකරුවන් ලෙසට


නැත — දාදුවට ඇලීගත් දූ කෙළින්නන් ලෙසට

නැත — පීප්පෙට ඇලීගත් බේබද්දන් ලෙසට

නැත — පණුවනට ඇලීගත් මළකඳන් ලෙසට.

අවලමිය, ශාප කරනෙමි මම තොපට!


කණ්ණලව් කරමි මම, මගේ කග තලය හට

මුදන ලෙස ඇගෙන් මා එක් කඩු පහරකින්

අයැද සිටිනෙමි මම, හලාහල වීදුරු කුප්පිය හට

පිඹුරුපත් අදින ලෙස ඇගෙන් ගැළවෙන්නට මා සමඟින්


අහෝ! වීදුරු කුප්පිය සහ මගේ ම අසිපත

සමච්චල් කරති, අක්‍රෝෂ පරිභව කරති මට:

“අපගේ උදව් ලබන්නට, තරම් තොප සුදුසු නැත;

ඇගෙන් ගැලවෙන්නට නොදෙමු අපි තොප හට.”


“මෝඩය, අප දෙදෙනාගෙන් එකෙකු ගේ හෝ සහයෙන්

ගැලවී ගියත් මඳකට දාසය වන තොප ඇගෙන්

තෙමන විට තා ඇගේ ලවනත් හාද්දෙන්

නැවත පිබිදෙත රීරි යකිනිය නිසැකයෙන්!”


ඉංග්‍රීසි පරිවර්තනය - George Dillon

සිංහල පරිවර්තනය - කාව්‍ය තත්සර


Charles Baudelaire
Charles Baudelaire


 
 
 

Comments


bottom of page